හොං කොං අර්බුදය විසඳීමට 'සාකච්ඡා'

Image copyright AP

හොං කොං ආණ්ඩුව සහ ප්‍රජාතන්ත්‍ර හිතවාදී උද්ඝෝෂණ සඳහා නායකත්වය ලබා දෙන ශිෂ්‍යයෝ සාකච්ඡා පැවැත්වීමට සුදානම් බවට ඉඟි පළ කර සිටිති.

හොං කොං කලාපයේ සතියක් පුරා පවතින උද්ඝෝෂණ හේතුවෙන් එම ප්‍රදේශයේ කටයුතු ඇනහිට තිබේ.

හොං කොංහි ප්‍රධාන විධායක සී වයි ලියුන්ග් මීට පෙර විරෝධතාකරුවන්ට තර්ජනය කරමින් කියා සිටියේ සඳුදා වන විට උද්ඝෝෂණ වහාම නැවැත්විය යුතු බවයි.

එසේ නොවුනහොත් උද්ඝෝෂණ නැවැත්වීම සඳහා පොලිස් බලතල යොදා ගන්නා බවයි ප්‍රධාන විධායක සී වයි ලියුන්ග් කියා සිටියේ.

සී වයි ලියුන්ග් විසින් ලබා දුන් නියමිත කාලය ළඟා වී ඇති නමුත් කඩින් කඩ ඇති වන ගැටීම් හමුවේ උද්ඝෝෂකයෝ වීදි වල රැඳී සිටිති.

දෙදහස් දාහත වසරේදී පැවැත්වෙන මැතිවරණයේදී තමන්ට කැමති නායකයෙකු පත් කර ගැනීමට ඉඩ දෙන ලෙස උද්ඝෝෂකයෝ චීන පරිපාලනයෙන් ඉල්ලා සිටිති.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර