චීනයේ ඩෙංගු වසංගත තත්වයක්

Image copyright CFP
Image caption අසාමාන්‍ය ලෙස තෙත් කාලගුණයක් පවතින ගුඈන්ෂු, පළාත් අගනුවර

ඩෙංගු උණ වැළදීමෙන් දකුණු දිග චීනයේ හය දෙනකු මිය ගොස් ඇති බව චීන රජයේ මාධ්‍ය නිවේදනය කළේය.

දශක දෙකකට පසු චීනය තුළ පැතිරී යමින් තිබෙන දරුණුතම වසංගත තත්වය මෙය බව විශ්වාස කෙරේ.

ගුඈන්ඩොන්ග් පළාතේ විසිඑක් දහසකට වැඩි පිරිසකට ඩෙංගු රෝගය වැළඳී ඇති බව වාර්තා වේ.

පවතින දැඩි උෂ්ණත්වය සහ තෙත සහිත කාලගුණය මෙම තත්වය වේගයෙන් පැතිර යාමට වැඩි වශයෙන් හේතු වී ඇති බව සෞඛ්‍ය බලධාරීහු පවසති.

ඩෙංගු වසංගතය බහුල ප්‍රදේශවල සංචාරය කිරීමත් පැතිර යෑමට හේතු වී ඇති බවයි බලධාරීන් වැඩි දුරටත් පවසන්නේ.

නිවර්තන කලාපීය වසංගත පතුරවන මදුරුවන් විනාශ කිරීම සඳහා ගුඈන්ෂු, පළාත් අගනුවර තුළ කෘමිනාශක රැගත් කණ්ඩායම් යොදවා තිබේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර