IS කැරලිකරුවෝ ‘කොබේන්’ නගරය වට කරති

Image copyright EPA

සිරියා - තුර්කි දේශසීමාවේ ‘කොබේන්’(Kobane) නගරයේ කුර්දි ජාතික ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් බීබීසියට ප්‍රකාශයක් කරමින් තුර්කි දේශ සීමාව දෙසින් නගරයට ප්‍රහාරයක් එල්ල කිරීමට ‘ඉස්ලාමීය රාජ්‍ය’ ජිහාඩ් කැරලිකරුවන් යත්න දරන ලද නමුත් එය අසාර්ථක කෙරුණ බව කියා සිටියේය.

නගරය සහමුලින්ම වට කිරීමට උත්සාහ දරමින්, ‘ඉස්ලාමීය රාජ්‍ය’ ජිහාඩ් කැරලිකරුවන් පැති කීපයකින් ඊට පහර දුන් අතර , කාර් බෝම්බ ප්‍රහාර එල්ල කරමින් සිදු කරන ලද ප්‍රහාර මගින් නගරයේ නැගෙනහිර දෙසින් ඔවුන් පෙරට ඒමක් සිදු වී ඇති බවයි, කාලිඩ් බර්කෙල් (Khalid Berkel) නම් එම නිලධාරියා ප්‍රකාශ කලේ.

ජන සංහාරයක්

මේ අතර ‘කොබේන්’ ආරක්ෂා කර ගැනීමේ නිරත ඉස්මෙට් ෂේක් හසන් නම් කුර්දි හමුදා නිලධාරියා කියා සිටියේ, නගරය ‘ඉස්ලාමීය රාජ්‍ය’ ජිහාඩ් කැරලිකරුවන් අතට පත් වුනොත් ජන සංහාරයක් සිදු විය හැකි බවයි.

එම නගරයේ සටන් වදින කුර්දි හමුදා සහ නිදහස් සිරියානු හමුදාව ඉල්ලා සිටින්නේ බර අවි සහ පතරොම් වැනි තවත් ප්‍රහාරක ද්‍රව්‍ය අවශ්‍ය කරන බවයි.

දහස් ගණනක් ජනතාව ‘කොබේන්’ නගරයේ සිර වී සිටින අතර එය සතුරා අතට පත් වුනොත් ජන ඝාතනයක් සිදු විය හැකි බවට එක්සත් ජාතීන් විසින් ද අනතුරු ඇඟවීමක් කරනු ලැබ ඇත.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර