කාශ්මීර අර්බුදයට 'ජාත්‍යන්තරය මැදිහත් විය යුතුයි'

Image copyright EPA

කාශ්මීර සටන්විරාම ගිවිසුම කඩ කළ බවට ඉන්දියාවට චෝදනා නගමින් පාකිස්තානය එක්සත් ජාතීන්ගේ මහලේකම් බැංකි මුන් වෙත ලිපියක් යවා තිබේ.

සටන්විරාම ගිවිසුම උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අන්තර්ජාතික ප්‍රජාව මැදිහත් විය යුතු බවට ඉහත කී ලිපිය මාර්ගයෙන් පාකිස්තානය ඉල්ලීමක් කරයි.

එවැනි මැදිහත් වීමක් සම්බන්ධයෙන් විරුද්ධත්වයක් පළ කරන ඉන්දියාව ඊට සිය කෝපය පළ කරනු ඇති බවයි පැවසෙන්නේ.

දශකයකට පමණ පසු කාශ්මීරයේ ඉන්දු පාකිස්තාන දේශ සීමාවේ ඇති වී තිබෙන දරුණුතම සටන් අතරතුරයි ඉහත කී ලිපිය යොමු කර ඇත්තේ.

මේ අතර ගත වූ පැය විසිහතර තුළ පාකිස්තානය නොනවත්වා සටන්විරාමය කඩ කරමින් සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

දේශ සීමාවේ පිහිටි ඉන්දීය මුරපොළවල් ඉලක්ක කර පාකිස්තානය ෂෙල් ප්‍රහාර එල්ල කරන බවයි ඉන්දීය මාධ්‍ය වැඩි දුරටත් චෝදනා කරමින් කියා සිටියේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර