හොංකොං උද්ඝෝෂණ: ගුටිබැට හුවමාරුවක්

Image copyright Reuters
Image caption මාර්ග බාධක ඉවත් කරමින් සිටින උද්ඝෝෂණවලට විරෝධය පළ කරන පිරිස්

මුහුණු ආවරණය කර ගත් සිය ගණනක කණ්ඩායමක් හොංකොං දූපතේ උද්ඝෝෂණ පැවැත්වෙන ස්ථානයක් වටා තිබූ මාර්ග බාධක ගලවා ඉවත් කිරීමට උත්සහ කළහ.

එම අවස්ථාවේ ප්‍රජාතන්ත්‍ර හිතවාදී උද්ඝෝෂණකරුවන් සහ ඉහත කී කණ්ඩායම අතර ගුටිබැට හුවමාරුවක් ඇති වී තිබේ.

Image copyright Reuters
Image caption දොඹකරයක් ආධාරයෙන් ඉවත් කෙරෙන මාර්ග බාධක
Image caption උද්ඝෝෂකයන් ලැගුම් ගෙන සිටි කුඩාරම් ඉවත් කිරීමට ගන්නා උත්සහයක්

උදෑසන පොලිසිය පැමිණ මාර්ග බාධකවලින් යම් කිසි ප්‍රමාණයක් ඉවත් කර ඇති අතර ඉන් පැය කිහිපයකට පසුවයි උණුසුම්කාරී වාතාවරණය ඇති වී තිබෙන්නේ.

උද්ඝෝෂණ හේතුවෙන් ඇති වී තිබෙන මාර්ග තදබදය අවම කිරීමට පමණක් උත්සහ කළ බව පවසන හොංකොං පොලිසිය තෙවන සතියටත් පැවැත්වෙන උද්ඝෝෂණ කඩාකප්පල් කිරීමට තැත් නොකළ බව පැවසුවේය.

හොංකොං දූපතට පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදයක් ලබා දෙන මෙන් උද්ඝෝෂකයෝ චීනයෙන් ඉල්ලා සිටිති.

නමුත් එවැන්නක් සිදු වීමේ සම්භාවිතාව ඉතා අවම මට්ටමක පවතින බවයි හොංකොං කලාපයේ ප්‍රධාන විධායක සී වයි ලියුන්ග් කියා සිටියේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර