ඕස්ට්‍රේලියානු රජය මහාධිකරණයේ අභියෝගයට

Image copyright Reuters

ඕස්ට්‍රේලියානු රජය දේශපාලන රැකවරණ පතන්නන් සම්බන්ධයෙන් අනුගමනය කරන ප්‍රතිපත්තිය අද, අඟහරුවාදා එරට මහාධිකරණයේ අභියෝගයට ලක් කෙරේ.

ඉන්දියාවේ සිට බෝට්ටු මගින් දේශපාලන රැකවරණ පතා ඕස්ට්‍රේලියාවට පැමිණි ශ්‍රී ලාංකිකයන් ඇතුළු පුද්ගලයන් 157 දෙනා සම්බන්ධ නඩුව අද අඟහරුවාදා විභාගයට ගැනීමට නියමිතයි.

ඕස්ට්‍රේලියානු රේගුවට අයත් නැවක, එම පිරිස නීති විරෝධී ලෙස මාසයක පමණ කාලයක් නීති විරෝධී ලෙස රඳවා තබා ගෙන සිටි බවට ඔවුන්ගේ නීතිඥයන් විසින් තර්ක ඉදිරිපත් කරනු ඇත.

එම නඩු විභාගයට අමතරව, දේශපාලන රැකවරණ පතා පැමිණි යුවළකට දාව, ඕස්ට්‍රේලියාවේ උපත ලත් දරුවකු සම්බන්ධ නඩු විභාගයක්ද අද, අඟහරුවාදා අධිකරණයේ විභාග කෙරේ.

එම දරුවා සහ එවැනිම තත්වයක් යටතේ ඕස්ට්‍රේලියාවේ උපත ලද තවත් දරුවන් සිය ගණනකට ඕස්ට්‍රේලියානු රජය විසින් අහිමි කොට ඇති ස්ථිර රැකවරණ වීසා ලබා දිය යුතු බවට දරුවා වෙනුවෙන් පෙනී සිටින නීතිවේදියා තර්ක කරනු ඇත.

.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර