කාන්තාවන්ගේ රැකියාව පිරිසිදු කිරීමද?

Image copyright Thinkstock

ඕස්ට්‍රේලියාවේ රූපවාහිනී සේවයක් ඉදිරිපත් කළ පවුල් ඉලක්ක කර ගත් වැඩසටහනක් හේතුවෙන් අන්තර්ජාලය සහ අනෙකුත් සමාජ මාධ්‍යය මහත් කැලඹීමට පත්ව තිබේ.

කාන්තාවන්ගේ කාර්ය භාරය හෝ රැකියාව කුමක් දැයි රූපවාහිනී වැඩසටහනේ දී ඇසූ ප්‍රශ්නයකට පිරිසිදු කිරීම, ආහාර පිසීම, සහ වලං පිඟන් සේදීම නිවැරදි පිළිතුර ලෙස ඉදිරිපත් කර තිබීමයි මතභේදයට තුඩු දී තිබෙන්නේ.

අදාළ රූපවාහිනී ආයතනය පවසන්නේ ඉහත පිළිතුරු නිවැරදි පිළිතුරු ලෙස තීරණය කෙරුනේ පුද්ගලයන් සිය දෙනෙකු සමීක්ෂණයකට ලක් කොට ඔවුන්ට ප්‍රශ්නය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව බවයි.

එම වැඩසටහන සම්බන්ධයෙන් දැඩි අප්‍රසාදය පළ කෙරෙන අදහස් අන්තර්ජාලයේ දක්නට ලැබෙන අතර ට්වීටර් අඩවිය හරහා අදහස් පල කළ බොහෝ දෙනා පවසන්නේ එය ස්ත්‍රීන් නොරුස්නා භාවය,ලිංගිකත්වය මත වෙනස්කම් කිරීම සහ ස්ත්‍රීත්වය පහත කොට සැලකීමක් වූ බවයි.

අන්තර්ජාලය ඔස්සේ පළ වූ දැඩි විරෝධය සහ අප්‍රසාදය හේතුවෙන් අදාළ වැඩසටහන සහ එමගින් ඉදිරිපත් කළ ප්‍රශ්න සම්බන්ධයෙන් සමාව අයැද සිටි ඕස්ට්‍රේලියානු රූපවාහිනී ආයතනය කියා සිටියේ, ස්ත්‍රීන්ට අපහාස කිරීම සිය අරමුණ නොවූ බවයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර