නේපාල බේරා ගැනීමේ මෙහෙයුම් නවතා දැමේ

Image copyright AFP

අයහපත් කාලගුණය හමුවේ කඳු නගින්නන් සොයා කෙරෙන මුදවා ගැනීමේ මෙහෙයුම් නවතා දැමූ බව නේපාල බලධාරීහු ප්‍රකාශ කළහ.

හිම යට වැළලී ගිය සිරුරු සෙවීම සඳහා මේ වන විට අවධානය යොමු වී ඇති බව එරට බලධාරීහු පවසති.

හිම කුණාටුවට හසු වීමෙන් තිස්නව දෙනෙකුවත් මරුමුවට පත් විය.

Image copyright Reuters

කඳු නගින්නන් අතර වඩාත් ප්‍රචලිත ස්ථාන අතරින් එකක් ලෙස සැලකෙන 'අන්නපුරම්' කලාපයේ සෝදිසි මෙහෙයුම් සඳහා හෙලිකොප්ටර් යානා යොදවා තිබේ.

මරණයට පත් වූ තවත් දස දෙනෙකු සොයා එම මෘත ශරීර නේපාලයේ කත්මණ්ඩු අගනුවරට ගෙන ඒමට බලාපොරොත්තු වන බව එරට හමුදා පවසති.

කඳු නගින්නන් සහ මග පෙන්වන්නන් ඇතුළු හාරසීයකට ආසන්න පිරිසක් මීට පෙර මුදවා ගනු ලැබූහ.

ඔවුන්ගෙන් බොහෝ දෙනා අධික ශීතල නිසා හමේ ඇති වන තුවාල වලින් පීඩා විඳිමින් සිටියහ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර