දුෂකයා මරා දැමූ ඉරාන කත එල්ලා මරයි

Image copyright Facebook
Image caption ඇයට අභය දානය දෙන්නැයි බොහෝ පිරිස් හඬ නැගුහ

තමන්ව බලහත්කාරයෙන් දුෂණය කිරීමට උත්සාහ කළ මිනිසකු මරා දැමු ඉරාන කාන්තාවක් ඉරාන අධිකරණ තීන්දුවකට අනුව එල්ලා මරා දැමිණි.

ඉරානයේ සහ විදේශයන් හි සංවිධානය වූ පිරිස් ඇයට අභයදානය දෙන්නැයි ඉල්ලා සිටිද්දීය ඉරානය වයස 26 ක් වූ රිහානි ජබ්බාරි එල්ලා මරා දමන ලද්දේ.

ඇය නිදහස් කර ගැනීම සඳහා අවශ්‍ය වූ මරා දැමුණු පුද්ගලයාගේ පවුලේ අයගේ අනුමැතිය ලබාගැනීමට රිහානි ගේ ඥාතීන් අසමත් වී ඇති බවයි ඉරාන රාජ්‍ය මාධ්‍ය ආයතනය පවසන්නේ.

එසේම ඇය මෙම මිනී මැරුම කරන ලද්දේ ආත්ම ආරක්ෂාවට බව නඩු විභාගයේදී ඔප්පුකිරීමට ඇය අසමත් වීමද මෙසේ එල්ලා මරාදැමීමට හේතු වූ බවයි “ටස්නීම්” මාධ්‍ය ආයතනය වැඩි දුරටත් සඳහන් කරන්නේ.

මෙම නඩුව නැවත අසන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ද ඉල්ලීමක් කර තිබුණි.

සිකුරාදා උදෑසන මරණීය දණ්ඩනය සිදුකිරීමට පෙර රිහානි ජබ්බාරි ගේ මව ඇය බැලීමට ගිය බවයි පැවසෙන්නේ