හොංකොං උද්ඝෝෂකයෝ මත විමසුම අවලංගු කරති

Image copyright Getty
Image caption හොංකොං දූපතේ මධ්‍යම ප්‍රදේශයේ තව දුරටත් උද්ඝෝෂකයෝ රැඳී සිටින මුත් සංඛ්‍යාවේ අඩුවක් දක්නට ලැබේ

හොංකොං දූපතේ මසකට වැඩි කාලයක් පැවති උද්ඝෝෂණවල අනාගතය තීරණය කෙරෙන මත විමසීම එම දූපතේ ප්‍රජාතන්ත්‍ර හිතවාදී නායකයන් විසින් අත් හරිනු ලැබ තිබේ.

ආණ්ඩුවේ යෝජනා පිළිගැනීම සම්බන්ධයෙන් පැවැත්වීමට නියමිතව තිබූ මත විමසීම ආරම්භ වීමට පැය හතරකට පෙර ඒ බව නිවේදනය කෙරුණි.

මත විමසුමේ ආකෘතිය සහ ඊට ඇතුළත් න්‍යාය පත්‍රය සම්බන්ධයෙන් සම්මුතියකට එළඹීමට නොහැකි වීම මත එම තීරණය ගත් බව නිවේදනයේ සඳහන්.

නිවේදනය නිකුත් කළ ප්‍රජාතන්ත්‍ර හිතවාදී නායකයෝ හොංකොං දූපතට පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදයක් ඉල්ලා සිටින උද්ඝෝෂකයන් සමග අඩු වශයෙන් අදහස් හුවමාරු කර ගැනීම සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටියහ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර