මියන්මාරයේ ප්‍රතිසංස්කරණ ආපසු හැරෙන ළකුණු

Image copyright Getty

මියන්මාර් වාර්තාකරු පසුගිය වසර දෙක ඇතුළත මියැන්මාරයේ ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමය ඇන හිට පැවති බව එරට ප්‍රජාතන්ත්‍රීය ව්‍යාපාරයේ ප්‍රධාන නායිකා ,නොබෙල් ත්‍යාගලාභිනී අවුන් සාන් සුකි පවසන්නීය.

මාධ්‍ය හමුවක දී අදහස් දැක් වූ බුරුම විපක්ෂ නායිකාව රට යුද හමුදා පාලනයෙන් ප්‍රජාතන්ත්‍රීය ව්‍යුහයක් කරා පරිවර්තනය වීමේ ක්‍රියාදාමය සම්බන්ධයෙන් ශුභවාදී නොවන ලෙසයි, ලෝක නායකයන්ට කියා සිටියේ.

අවුන් සාන් සුකි එම අදහස් පළ කළේ ජනාධිපති ඇමෙරිකානු ජනාධිපති බරක් ඔබාමා ලබන සතියේ මියන්මාරයේ සංචාරයක් ආරම්භ කරනු ලැබීමට නියමිත ව තිබිය දී.

ඔබාමා සංචාරය

මියන්මාරයේ හමුදා පාලනය මෙයින් වසර තුනකට පෙර ප්‍රතිසංස්කරණ වැඩ පිළිවෙලක් ආරම්භ කල අතර එය එරටට එරෙහිව බටහිර ලෝකය පණවා තිබුණ සම්බාධක ඉවත් කිරීමට මග සකස් කරනු ලැබුණි.

මේ අතර මියන්මාර් යුද හමුදා අත්අඩංගුවේ දී මරු මුවට පත් නිදහස් මාධ්‍යවේදියකු ගේ සිරුර යළි පරීක්ෂණයක් සඳහා ගොඩ ගැනීමේ සිද්ධියක් ද වාර්තා වෙයි.

Image caption අවුන් සාන් සුකී සහ මාධ්‍යවේදී අවුන් නයින්

මරණයට පත් මාධ්‍යවේදී අවුන් නයින් ගේ (Aung Naing) පවුලේ අයිතිය වෙනුවෙන් පෙනී සිටින නීතිවේදියෙක් පවසන්නේ, වධ හිංසා මගින් සිදු වූවා විය හැකි බරපතළ තුවාල මළ සිරුර ගොඩ ගත් අවස්ථාවේ දක්නට ලැබුණ බවයි.

මාධ්‍ය දඩයමක්

එම මාධ්‍යවේදියා මෙයින් මාසයකට පෙර මරා දැමුණේ තායිලන්ත දේශ සීමාවේ දී.

යුද හමුදාව පවසන්නේ, වාර්ගික කැරලිකරුවකු වූ අවුන් නයින් අත්අඩංගුවෙන් පළා යාමට තැත් කල අවස්ථාවේ වෙඩි තැබීමක් සිදු කළ බවයි.

රට තුළ ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සිදු කිරීම අතින් මියන්මාර් යුද හමුදාව තුළ පවතින කැපවීමේ ස්වභාවය එම මරණයත් සමඟ සැකයට ලක් කෙරෙන බවයි ,මියන්මාරයේ සිටින බීබීසී වාර්තාකරු පවසන්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර