ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

බෙල්ජියම් උද්ඝෝෂකයෝ පොලිසිය හා ගැටෙති

බෙල්ජියමේ රාජ්‍ය විරෝධී උද්ඝෝෂකයන් සහ පොලිසිය අතර ගැටුම් හට ගෙන තිබේ.

බ්‍රුසල්ස් අගනුවරදී ලක්‍ෂයක් පමණ වූ ජනතාව වීදි බැස ඇත්තේ බෙල්ජියම් රජය හඳුන්වා දී තිබෙන පටි තද කර ගැනීමේ යෝජනාවලියට එරෙහිව යි.

පෙළපාලි විසුරුවා හැරීමට බෙල්ජියම් පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර තිබේ.

අයවැය පරතරය අඩු කර ගැනීම සඳහා ඉහත කී පියවර ගත් බවයි බෙල්ජියම් ආණ්ඩුව පවසන්නේ.