උතුරු කොරියාවේ සිරගත වූ ඇමරිකානුවන් නිදහස්

Image copyright AP
Image caption කෙනත් බායේ සහ මැතිව් මිලර්

උතුරු කොරියාවේ සිර කර සිටි ඇමරිකානුවන් දෙදෙනා නිදහස ලබා සිය රට බලා පැමිණෙති.

නිදහස ලැබූ ඇමරිකානුවන් දෙදෙනා වන්නේ කෙනත් බායේ සහ මැතිව් මිලර්.

රාජ්‍ය විරෝධී ක්‍රියාවන්හි යෙදුණු බවට චෝදනා ලත් මේ දෙදෙනා උතුරු කොරියානු බලධාරීන් විසින් බරපතළ වැඩ සහිත කඳවුරක සිර කරනු ලැබීය.

Image copyright AP
Image caption වොෂින්ටනයට පැමිණි කෙනත් බායේ

නිදහස ලබා වොෂින්ටනයට පැමිණි කෙනත් බායේ කියා සිටියේ තමා සිරගත වී සිටි විශ්මිත වූ වසර දෙක ඇතුළත බොහෝ දේ ඉගෙන ගත් බවයි.

මොවුන් නිදහස් කර ගැනීම සඳහා මැදිහත් කරුවා ලෙස කටයුතු කර ඇත්තේ එක්සත් ජනපද බුද්ධි අංශයේ අධ්‍යක්‍ෂවරයා යි.

මොවුන් නිදහස් කිරීම පිළිබඳව ජනාධිපති බරක් ඔබාමා සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බන් කි මුන් සිය ප්‍රසාදය පළ කර තිබේ.