කපිතාන්ට දුන් දඬුවම පිළිබඳ ඥාතීන්ගේ කෝපය

Image copyright Reuters
Image caption කපිතාන් ලී ජූන් සියෝක් ඇතුළු කාර්ය මණ්ඩලය

තුන්සියයකට ආසන්න පිරිසකට මරු කැඳවමින් පසුගිය අප්‍රේල් මාසයේදී මුහුදුබත් වූ දකුණු කොරියානු නැවේ කපිතාන්වරයා ඇතුළු කාර්ය මණ්ඩලයට පැනවූ දඬුවම් පිළිබඳ මියගිය මගීන්ගේ ඥාතීහු කෝපය පළ කරති.

අධිකරණය තීන්දුව ප්‍රකාශයට පත් කරන අවස්ථාවේ එහි රැස්ව සිටි ඥාතීන් හඬමින් ඝෝෂා කළ අතර විත්තිකරුවන්ට මරණ දඬුවම පනවන මෙන්ද ඇතමෙක් ඉල්ලා සිටියහ.

‘මේක වේවි කියල මට හිතුනා. නමුත් මේක අඩුගානේ ජීවිතාන්තය දක්වා දඬුවමක් වත් නෙවෙයි. අවුරුදු තිස්හයක් විතරයි. අනික සමහර අයට අවුරුදු පහක විතර අඩු දඬුවමක් දීම ගැන මට විශාල කෝපයක් තියෙන්නේ’ යනුවෙන් සිය දරුවා අහිමි වූ පියෙක් පැවසුවේය.

නෞකාවේ සිටි මගීන් අත්හැර දමා පලා යාම මගින් වගකීම පැහැර හැරීමේ චෝදනාවට වරදකරු කෙරුණු ලී ජූන් සියෝක් කපිතාන්වරයාට වසර තිහක සිරදඬුවමක් පැනවුණු අතර කාර්ය මණ්ඩලයේ අනෙක් සාමාජිකයන්ට වසර තිහ දක්වා වූ සිර දඬුවම් නියම කෙරිණ.

මුහුදුබත් වූ නෞකාවේ ගමන් කළ වැඩි දෙනෙක් විනෝද චාරිකාවකට එක් වී සිටි පාසල් දරුවන්.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර