'දහතුන් වසරක අසමානතා නිමා කළා' - ඝාණි

Image copyright AP
Image caption මෙය අෂ්රෆ් ඝාණි ඉස්ලාමාබාදයට කළ ප්‍රථම සංචාරයයි

ඉස්ලාමාබාදයට කළ ප්‍රථම සංචාරයේ දී පකිස්තානු අගමැතිවරයා සමග කළ සාකච්චා වලින් පසු ඇෆ්ගනිස්තාන ජනාධිපති අෂ්රෆ් ඝානි විසින් සුබවාදී අදහස් පළකරනු ලැබ තිබේ.

දින තුනක් පැවති සාකච්චා මගින් වසර දහතුනක් පැවති අසමානතා නිමා කිරීමට හැකිවූ බවයි ජනාධිපති ඝාණි ප්‍රකාශ කර ඇත්තේ.

පිළිතුරු ලෙස පකිස්තාන් අගමැති නවාස් ෂරීෆ් පවසා ඇත්තේ පකිස්තානයේ ජාතික කැමැත්ත ස්ථාවර හා සමෘද්ධිමත් ඇෆ්ඝනිස්ථානයක් දැකීම බවයි.

පකිස්තානය තාලිබාන් සටන් කරුවන්ට නවාතැන් සහ උදව් දෙන බවට ඇෆ්ගනිස්ථානය විසින් නොකඩවා චෝදනා කිරීම හේතුවෙන් දෙරට අතර මෙතෙක් සබඳතා අයහපත් තත්වයකයි පැවැතියේ.