බෝම්බ ප්‍රහාරයෙන් මන්ත්‍රීවරියගේ දිවි බේරෙයි

Image copyright EPA

ඇෆ්ගනිස්ථානයේ ප්‍රමුඛ පෙළේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක්, ඇයට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් දිවි බේරා ගත්තාය.

මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ කාන්තා අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාධාරිනියක වූ ශුක්‍රියා බරක්සායි ඉලක්ක කර ගෙනයි.

ඇෆ්ගනිස්තානයේ නව ජනාධිපතිවරයාගේ සමීප ආධාරකාරියක වූ ඇය මෙම බෝම්බ ප්‍රහාරය නිසා සුළු තුවාල ලබා සිටින්නීය.

Image copyright AFP

මරාගෙන මැරෙන බෝම්බ කරු පුපුරන ද්‍රව්‍ය පටවා ගත් මෝටර් රථයක් පදවාගෙන විත් ශුක්‍රියා බරක්සායිගේ වාහනය අසලදී පුපුරවා හැර තිබේ.

බෝම්බය පුපුරා යන අවස්ථාවේ ඒ අසල සිටි කාන්තාවක ඇතුළු සාමාන්‍ය වැසියන් තිදෙනෙකු මිය ගොස් ඇති බවයි ඇෆ්ගනිස්තානු අභ්‍යන්තර කටයුතු පිලිබඳ අමාත්‍යංශයේ ප්‍රකාශක සෙදික් සේදිකී කියා සිටියේ.

Image copyright U.S. Embassy
Image caption ඇෆ්ගනිස්තානයේ නව ජනාධිපතිවරයාගේ සමීප ආධාරකාරියක වූ ශුක්‍රියා බරක්සායි
Image copyright Reuters
Image caption අසල සිටි කාන්තාවක ඇතුළු සාමාන්‍ය වැසියන් තිදෙනෙකු මිය ගොස් ඇත

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර