ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ලෝකයේ මිලියන තිස් හයක් නූතන "වහලුන්"

ලෝකය පුරා වෙසෙන මිලියන තිස් හයක් පමණ වහල්භාවය අත්විඳිමින් සිටින බව නව අධ්‍යනයකින් හෙළි වේ.

ඉන් වැඩි දෙනෙකු වන මිලියන දාහතරකට වැඩි පිරිසක් ඉන්දියාවෙන් වාර්තා වන බවයි නූතන ලෝකයේ වහල්භාවය මැන බැලෙන ලෝක දර්ශකය පෙන්වා දෙන්නේ.

වහල්භාවයෙන් දිවි ගෙවන පිරිස් වැඩි වශයෙන් වෙසෙන රටවල් අතර චීනය දෙවන ස්ථානයේත් පාකිස්තානය තුන් වන ස්ථානයේත් පසු වේ.

බලහත්කාරයෙන් සේවයේ යෙදවීම හෝ විවාහ කර වීම, වාණිජ මට්ටමෙන් කෙරෙන ලිංගික අපයෝජන, මිනිස් ජාවාරම් යන ආදී වශයෙන් වහල් සේවය වර්ගීකරණය කර තිබේ.

මීට අමතරව දරා ගත නොහැකි මට්ටමෙන් ණය කරුවන් බවට පත් වී ඇති උදවියද වහල්භාවය අත්විඳින්නන් ලෙස සැලකේ.

වයස විසි එකේ දී කොලොම්බියාවේ සිට ජපානයට රැගෙනවිත් ගණිකා වෘත්තියේ යෙදෙන ලෙස තමාට බල කළ බව සිය අත්දැකීම විස්තර කරමින් මාර්සේලා ලොයිසා පැවසුවාය.

“මම පැනල යන්න උත්සාහ කළොත් මාවයි මගේ පවුලයි මරනවා කියලා ඔවුන් මට තර්ජනය කළා. එක නිසා මට වැඩ කරන්න සිද්ධ වෙනවා කියලා ඔවුන් කිව්වා” යනුවෙන් අදහස් දක්වමින් ඇය වැඩි දුරටත් කියා සිටියාය.