ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

පූජකයකුගේ අනුගාමිකයෝ සහ පොලිසිය අතර ගැටුමක්

තමාට ආවේණික වූ ශෛලියක් අනුගමනය කරන මතභේදයට ලක් වූ ඉන්දීය පූජකයකුගේ අනුගාමිකයෝ දහස් ගණනක් පොලිසිය හා ගැටෙති.

අනුගාමිකයන්ගේ විරෝධය හමුවේ ආශ්‍රමය තුළට පිවිසීම සඳහා පොලිසියට කඳුළු ගෑස්, ජල ප්‍රහාර සහ බුල්ඩෝසර යොදා ගැනීමට සිදු විය.

ඝාතන චෝදනා ලැබ අත්අඩංගුවේ පසු වූ උතුරු ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේ වෙසෙන හැට තුන් හැවිරිදි රාම්පාල් නමැති පූජකවරයා දෙදහස් හය වසරේදී ඇප මත නිදහස් කරුණු ලැබීය.

වසර අටකට ඉහතදී ඔහුගේ අනුගාමිකයෝ ගම්වැසියන් පිරිසකට වෙඩි තබා ඇති අතර ඉන් එක් වැසියෙක් මිය ගියේය.

ඇප ලබා දීමෙන් පසු වාර ගණනාවක් අධිකරණය හමුවේ පෙනී නොසිටීම මත එය අධිකරණයට කළ අපහාසයක් ලෙස සලකා ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස බලධාරීහු නියෝග කළහ.

පූජකවරයා අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කළ ඔහුගේ අනුගාමිකයෝ ආශ්‍රමය වටා එක් වී සිටි අතර ඔවුහු පොලිසියට ගල් මුල් එල්ල කරමින් වෙඩි තබා ඇති බව වාර්තා වේ.

ආශ්‍රමයේ ජල සහ විදුලි පද්ධති කපා හැර ඇති පොලිය ආහාර පාන ලබා දෙන මාර්ගද අවහිර කර තිබේ.