තායිලන්ත රජු යළිත් අසනීපයෙන්

Image copyright AP
Image caption තායිලන්තය තුළ හමුදා පාලනයක් පැවතුණ ද රජු එරට දේශපාලනයේ වැදගත් තැනක් ගන්නා බවයි පැවසෙන්නේ

කලක පටන් අසනීපයෙන් පසු වන තායිලන්ත රජු ගේ සෞඛ්‍ය තත්වය යලිත් අවධානයට ලක්වී තිබේ.

නියමිතව තිබූ පරිදි තායිලන්ත රජයේ නව ඇමතිවරුන් දෙදෙනෙකු හමුවීමටද රජුට හැකිවී නැති බවයි පැවසෙන්නේ.

එම ඇමතිවරුන් දෙදෙන භූමිබෝල් අදුල්යාදේජ් රජු පසුගිය මාසයේ සිට ප්‍රතිකාර ලබමින් සිටි බැංකොක් රෝහල වෙත ගිය නමුත් වයස අසූ හයක් වන තායිලන්ත රජු ගේ සෞඛ්‍ය තත්වය අයහපත් වූ බැවින් ඔවුන් හමුවී නැත.

රටවැසියන් අතර ඉතාමත් ගව්රවයෙන් පිදුම් ලබන රජු ගේ සෞඛ්‍ය තත්වය වසර කිහිපයක සිට පිරිහෙමින් පැවතුණු බවයි විටින් විට අසන්නට ලැබුණේ.

තායිලන්තය තුළ හමුදා පාලනයක් පැවතුණ ද රජු එරට දේශපාලනයේ වැදගත් තැනක් ගන්නා බවයි පැවසෙන්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර