මෙක්සිකෝ ව්‍යවස්ථාදායකයේ ප්‍රතිසංස්කරණ රැසක්

Image copyright Reuters
Image caption මෙක්සිකෝවේ සමුහ මිනී වලක් පිරික්සන පිරිසක්

මාස දෙකකට පෙර අතුරුදහන් වූ සිසුන් හතලිස් තුන් දෙනා සිටින තැනක් සොයා ගැනීමට අපොහොසත් වීමෙන් නැතිවී ගිය රාජ්‍ය ආයතන පිලිබඳ විශ්වාසය නැවත ගොඩනගාගැනීම පිණිස කටයුතු කරන බව මෙක්සිකෝ රජය පවසා තිබේ.

ජනාධිපති එන්රික් පෙනා නියෙතෝ ගේ ප්‍රකාශකයෙක් බී බී සී යට පැවසුවේ මෙක්සිකෝවේ නීතිය ක්‍රියාත්මක කිරීම යළි ප්‍රතිෂ්ඨාපනය කිරීම වෙනුවෙන් ව්‍යවස්ථාදායකය තුළ ප්‍රතිසංස්කරණ රැසක් සිදුකෙරෙමින් පවතින බවයි.

නිරිත දිග මෙක්සිකෝවේ ඉගුවලා නගරයේ සිදුවූ ශිෂ්‍ය අතුරුදහන් වීමෙන් පසු සති ගණනාවක විරෝධතාවන් පැවතියේ ප්‍රාදේශීය නගරාධිපතිවරයකු සහ අපරාධ කරුවන් කල්ලියක අතර පැවතියේ යැයි කියවෙන රහස් සම්බන්ධතාවයක් පිළිබඳව චෝදනා නගමින්.

දුෂණ සහ ප්‍රචණ්ඩ ක්‍රියාවන්ගෙන් තමන් හෙම්බත්වී සිටින බවයි බොහෝ මෙක්සිකානුවන් පවසන්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර