වඳ සැත්කමට විස බෙහෙත්

Image caption එකසිය තිස් දෙනකු වඳ සැත්කමට භාජනය කෙරුණු අතර ඉන් පහළොස් දෙනෙක් මිය ගියහ

වඳ සැත්කමට භාජනය කිරීමෙන් අනතුරුව මිය ගිය ඉන්දීය කාන්තාවන් පහළොස් දෙනාට භාවිතයට නුසුදුසු ඖෂධ ලබා දී ඇති බව එරට ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පවසයි.

මීයන් විනාශ කිරීම සඳහා යොදා ගන්නා සින්ක් ෆොස්පයිඩ් නමැති රසායනය මරුමුවට පත් කාන්තාවන්ට ලබා දී ඇති ඖෂධ තුළ තිබී සොයා ගෙන ඇති බව චට්ටිස්ගාර් ප්‍රාන්තයේ සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මේ මස ආරම්භයේ ආණ්ඩුවේ සෞඛ්‍ය සායන දෙකකදී කාන්තාවෝ එකසිය තිස් දෙනකු වඳ සැත්කමට භාජනය කෙරුණු අතර ඉන් පහළොස් දෙනෙක් මිය ගියහ.

ශල්‍යකර්ම මෙහෙය වූ වෛද්‍යවරයා සහ ඖෂධ නිෂ්පාදන ආයතන දෙකක අයිතිකරුවන් දෙදෙනෙක් මේ වන විට අත්අඩංගුවේ පසු වෙති.

Image copyright ALOK PUTUL
Image caption ජනගහණ වර්ධනය අඩු කිරීමට වඳ සැත්කම් ව්‍යාපෘති ඉන්දියාව පුරා සිදු වෙයි

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර