හොංකොං ශිෂ්‍ය උද්ඝෝෂකයන් අත්අඩංගුවට

Image copyright EPA
Image caption අත්අඩංගුවට පත් වූ පිරිස අතර හොංකොං හි ප්‍රමුඛ පෙළේ ශිෂ්‍ය ක්‍රියාධරයන් දෙදෙනක්

ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා වීදි බට හොංකොං ශිෂ්‍යයන් විසින් පවත්වා ගෙන යනු ලැබූ වීදි කඳවුරක් ඉවත් කිරීමට යාමේදී බලධාරීන් සමඟ ගැටුම් ඇති කර ගත් පිරිස පොලිස් අත්අඩංගුවට පත් වෙයි.

අත්අඩංගුවට පත් වූ පිරිස අතර හොංකොං හි ප්‍රමුඛ පෙළේ ශිෂ්‍ය ක්‍රියාධරයන් දෙදෙනකුද සිටින බවයි වාර්තා වන්නේ.

හොංකොං හි කොව්ලූන් (Kowloon) ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයක් අවුරා තනා තිබූ මෙම කඳවුර ඉවත් කිරීමට පැමිණි පිරිස සමඟ උද්ඝෝෂකයෝ පොර බදන්නට පටන් ගත්හ.

ගම්මිරිස් දියරය

Image copyright AP

උද්ඝෝෂකයන් විසුරුවා හැරීමට පොලිසිය බැටන් ප්‍රහාර එල්ල කර ඇති අතර ගම්මිරිස් දියරයක් ද ඉස තිබේ.

චීන පරිපාලනයේ මැදිහත් වීමකින් තොරව මැතිවරණ පැවැත්වීම සඳහා නිදහස ඉල්ලා හොංකොං ශිෂ්‍යයෝ වීදි බැස සිටිති.

උසාවි නියෝගයක් ලබා ගෙන උද්ඝෝෂකයන්ගේ කඳවුර ඉවත් කිරීමට බලධාරීන් ගත් පියවර නිසා තවත් පිරිස් වීදි බැස ඇති බවයි හොංකොං වෙතින් ලැබෙන අලුත්ම වාර්තා සඳහන් කරන්නේ.

Image copyright AFP
Image copyright Getty

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර