ෆර්ගියුසන් නගරය තවමත් උණුසුම්

Image copyright Reuters
Image caption සඳුදා රාත්‍රියේ ෆර්ගියුසන් නගරයට එක්වූ විරෝධතාකරුවන් කලහකාරී ලෙස හැසිරුණු බවයි පැවසෙන්නේ

කළු ජාතික ගැටවර තරුණයෙකුට වෙඩි තබා ඝාතනය කළ සුදු ජාතික පොලිස් නිලධාරියා නිදහස් කිරීම පිළිබඳව කෝපයට පත් ෆර්ගියුසන් නගරයේ විරෝධතා කරුවෝ දෙවන රාත්‍රියත් උද්ඝෝෂණය කරමින් ගතකළහ.

එසේවුවද සඳුදා රාත්‍රියේ සිදුවූ අකාරයේ කලහකාරී තත්වයක් ඇතිවීම වැළැක්වීම පිණිස තවත් සිය ගණනක ජාතික ආරක්ෂක හමුදා භටයන් යොදා තිබුණු බවයි වාර්තාවන්නේ.

අවි ආයුධ ද ඇතුළුව හතලිස් හතර දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති නමුත් සාමකාමී ලෙස විරෝධතා දැක්වූවන්ට පොලීසිය ස්තුති කළබවයි පැවසෙන්නේ.

සුදු ජාතික පොලිස් නිලධාරියා නිදහස් කිරීමේ අධිකරණ තීන්දුවට එරෙහිව ඇමරිකාව පුරා තවත් බොහෝ නගර වල විරෝධතාවන් පවත්වා තිබේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර