දහතුන් දහසක් බ්‍රිතාන්‍යය තුළ වහල් සේවයේ

Image copyright Science Photo Library
Image caption වදහිංසා වලට ලක් වී ඇති අකාරය හද කම්පාකරවන බවයි පැවසෙන්නේ

බ්‍රිතාන්‍යය තුළ කොපමණ පිරිසක් වහල්සේවය වැනි සේවා තත්වයන් මත රැකියාවල යොදවා ඇතිද යන්න පිළිබඳව ඉඟියක් බ්‍රිතාන්‍ය ස්වදේශ කටයුතු භාර අමාත්‍යවරිය විසින් පළ කොට තිබේ.

පසුගිය වසරේ සංගණනයකට අනුව 10,000 සහ 13,000 අතර පිරිසක් එලෙස වහල් තත්වයෙන් සේවයේ යොදවා ඇති අතර එම ප්‍රමාණය කලින් දැන සිටියාට වඩා හතර ගුණයක වැඩිවීමක් බවයි හෙළිවී ඇත්තේ.

ස්වදේශ කටයුතු ලේකම් තෙරීසා මේ විස්තර කරන්නේ වදහිංසා වලට ලක් වී ඇති ප්‍රමාණය හද කම්පාකරවන බවයි.

මෙලෙස වහලුන් ලෙස රැකියාවල යෙදවුවන් බොහොමයක් වෛශ්‍යාවන්, ගෘහ සේවක සේවිකාවන්, භෝග වගා සහයකයින් සහ ධීවර බෝට්ටු සේවකයන් වැනි අය බවටයි හඳුනාගෙන ඇත්තේ.

මෙම තත්වය පාලනය කිරීම සඳහා බ්‍රිතාන්‍ය ආගමන පොලීසිය විසින් වරාය සහ ගුවන් තොටුපළ වල විශේෂඥ නිලධාරීන් යොදවා තිබේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර