සිරකරුවන්ගේ අවයව ඉවත් කිරීමට තහංචි

Image copyright AFP

මරණ දණ්ඩනයට නියම වී මරණයට පමුණුවන ලද සිරකරුවන්ගේ අවයව ඉවත් කර ගැනීම එළඹෙන ජනවාරි මාසයේ සිට නතර කරන බව චීන බලධාරීහු පවසති.

එලෙස සිරකරුවන්ගේ අවයව ඉවත් කර ගැනීම නතර කරන බවට චීන බලධාරීන් කියා සිටියේ මීට වසර දෙකකට පෙරයි.

බේජින් බලධාරීන් මරණයට පමුණු වන ලද සිරකරුවන්ගේ අවයව ලබා ගන්නේ සිරකරුවන්ගේ හෝ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ගේ අවසරයකින් තොරව බවයි මානව හිමිකම් සංවිධාන චෝදනා කරන්නේ.

අවයව ප්‍රදානය කරන ප්‍රමාණයට වඩා චීනයේ අවයව සඳහා පවතින ඉල්ලුම ඉතා ඉහල මට්ටමක පවතියි.

අවයව ප්‍රදානය කරන ලෝකයේ පහළම ප්‍රතිශතයක් ඇති රට චීනයයි.

චීන සම්ප්‍රදායට අනුව මියගිය පුද්ගලයන්ගේ සියලු අවයව සහිතව අවසන් කටයුතු සිදු කිරීම ඊට හේතුවයි.

ස්වේච්ඡාවෙන් අවයව ප්‍රදානය දිරිමත් කිරීම අරමුණු කර ගෙන බේජින් බලධාරීන් අවයව ප්‍රදානයට නව ක්‍රමයක් හඳුන්වා දී තිබේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර