බටහිරට එරෙහිව ස්වශක්තියෙන් නැගී සිටිමු -පුතින්

Image copyright AFP
Image caption ක්‍රෙම්ලිනයේ බලධාරීන් අමතන ජනාධිපති පුතින්

ක්‍රිමියාව ඈඳා ගැනීම සහ යුක්‍රේන අර්බුදයේදී රුසියාව ක්‍රියා කළ අන්දම සාධාරණීකරණය කරමින් රුසියානු ජනාධිපතිවරයා බටහිර ජාතීන් දැඩි විවේචනයට ලක් කරයි.

තම රටට එරෙහිව පවතින සම්බාධක හමුවේ රුසියානුවන් ස්වශක්තියෙන් නැගී සිටිය යුතු බවයි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුතින් කියා සිටියේ.

ක්‍රිමියාව සහ යුක්‍රේනය දඩ මීමා කර ගනිමින් රුසියාව තනි කිරීමට ‘රුසියාවේ සතුරන්’ කටයුතු කරමින් සිටින බව ජනාධිපති පුතින් ප්‍රකාශ කළේය.

පොදු සමාවක්

ක්‍රෙම්ලිනයේ බලධාරීන් අමතා ජනාධිපති පුතින් තවදුරටත් කියා සිටියේ විදේශයන් හි රඳවා තිබෙන මුදල් යළි තම රටට ගෙන එන රුසියානුවන්ට පොදු සමාවක් ලබා දෙන බවයි.

අනූව දශකයේදී බොහෝ රුසියානු ව්‍යාපාරිකයන් තම ධන සම්භාරය සයිප්‍රස් රාජ්‍යයේ බැංකුවල තැන්පත් කළ නමුත් සයිප්‍රසයේ ආර්ථිකය කඩා වැටීම නිසා ඔවුන්ට විශාල පාඩු සිදු විය.

බටහිර ජාතීන් පනවා ඇති සම්බාධක නිසා ලබන වසරේදී රුසියානු ආර්ථිකය දැඩි අවපාතයකට ලක් විය හැකි බවට රුසියානු රජය අනතුරු අඟවා තිබේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර