මලාලාට නොබෙල් සාම ත්‍යාගය

Image copyright Reuters

මීට වසර දෙකකට ඉහතදී, තාලිබාන් සටන්කාමීන්ගේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ මලාලා යුසෆ්සායි පාසල් දැරිය නොබෙල් සාම ත්‍යාගය හිමි කර ගත් ලාබාලම තැනැත්තිය බවට පත් වෙයි.

නොර්වේහි, ඔස්ලෝ නුවරදී, මලාලා යුසෆ්සායි (Malala Yousafzai) සහ ළමා වහල් මෙහෙය සහ ළමුන් ශ්‍රමයට බැඳ තැබීමට එරෙහි ව්‍යාපාරයක නිරත කයිලාස් සත්යයාර්ති (Kailash Satyarthi) දෙදෙනාට සාම ත්‍යාගය එකාබද්ධව ප්‍රදානය කරන විට ප්‍රීති ඝෝෂා නැගුණි.

එහෙත් මලලා ඇගේ පදක්කම සහ සහතිකය ලබා ගන්නා අවස්ථාවේදී, විරෝධතා දක්වමින් සිටි ඉන්දීය ධජය රැගත් පුද්ගලයෙකු සභාවේ සිටි පිරිස සහ ඇය අතරින් පැමිණීමට උත්සාහ ගත් අතර එවිට මලාලා යුසෆ්සායි එම ස්ථානයෙන් ඉවත් කිරීමට පියවර ගන්නා ලදී.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර