ආගම් හැරවීම පිටුපස ඉන්දීය හින්දු දැඩි මතධාරීන්

Image copyright VIVEK JAIN
Image caption හින්දු ආගමට හැරවීමට විරෝධය පල කරන මුස්ලිම් ප්‍රජාව

කිතුනු සහ මුස්ලිම් ප්‍රජාවට හින්දු ආගම වැළඳ ගැනීමට අවස්ථාව සලසන තවත් උත්සව මේ මාසය අවසානයේ සංවිධානය කිරීමට සැලසුම් කොට ඇති බව ඉන්දියාවේ හින්දු දැඩි මතධාරීහු පවසති.

අග්‍රා නගරයේ පැවැත්වූ එවැනි උත්සවයකදී මුස්ලිම් පවුල් පනස් හතක් හින්දු ආගමට හරවා ගැනීමත් සමඟ එය මතභේදකාරී තත්වයකට පරිවර්තනය විය.

පාලක භාරතීය ජනතා පක්ෂයේ නියෝජිතයකු පැවසුවේ නත්තල් දිනයේදී තවත් පිරිස් හින්දු ආගමට හැරවීමට තමන් සැලසුම් කරන බවයි.

කැරලිකාරී තත්වයක්

නමුත් විරුද්ධ පක්ෂ දේශපාලකයන් අනතුරු අඟවා සිටියේ මේ හේතුවෙන් ඉන්දියාවේ එක්සත් භාවයට තර්ජනයක් එල්ලවී, සමහරවිට කැරලිකාරී තත්වයක් ද හට ගත හැකි බවයි.

හින්දු ආගම වැළඳ ගත් මුස්ලිම් පවුල් ඉස්ලාම් ආගම අවමානයට ලක් කොට ඇති බවත්, ඔවුන්ට අල්ලා දෙවියන්ගෙන් සමාව නොලැබෙන බවත් පැවසූ අග්‍රා නගරයේ මුස්ලිම් පූජකවරු එම පවුල් හෙළා දැකීමට ලක් කළහ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර