'ශාමි විට්නස් ' ට්විටර් ගිණුම ඉන්දියාවේ

Image copyright Twitter

ඉස්ලාමීය රාජ්‍ය කැරලිකරුවන්ට සහය පල කෙරෙන බැංගලෝර්හි ට්විටර් ගිණුමක් පවත්වා ගෙන ගිය ව්‍යාපාරිකයකු පිළිබඳව ඉන්දීය පොලීසිය පරීක්ෂණ ආරම්භ කරයි.

බැංගලෝර් නගරයේ මෙම ව්‍යාපාරිකයා පවත්වා ගෙන ගිය ට්විටර් ගිණුම විශාල බලපෑමක් ඇති කළ එකක් බවයි බ්‍රිතාන්‍යයේ රූපවාහිනී නාලිකාවක් මගින් අනාවරණය කෙරුණේ.

'ශාමි විට්නස් ' (Shami Witness) නමින් පවත්වා ගෙන ගිය එම ට්විටර් ගිණුම හිමි ව්‍යාපාරිකයා හඳුනා ගැනීමට බ්‍රිතාන්‍යයේ රූපවාහිනී නාලිකාව සමත්වූ අතර, මේඩි (Mehdi) වශයෙන් ඔහුගේ නම සඳහන් කලත්, ඔහුට අනතුරක් සිදුවෙය යන බිය නිසා සම්පූර්ණ අනන්‍යතාව ප්‍රකාශයට පත් නොකෙරිණ.

විධායක නිලධාරියෙක්

එම නාලිකාව තවදුරටත් පැවසුවේ එම පුද්ගලයා ඉන්දීය ව්‍යාපාරික සමාගමක විධායක නිලධාරියකු ලෙස සේවය කරන බවයි.

'ශාමි විට්නස් ' (Shami Witness) ට්විටර් ගිණුමේ, ඉස්ලාමීය රාජ්‍ය කැරලිකරුවන්ට අදාළ තොරතුරු හුවමාරු වූ අතර ඉන් එම සංවිධානයේ නැගීම පැසසුමට ලක් කෙරිණ.

එසේම එය ඉස්ලාමීය රාජ්‍ය කැරලිකරුවන් සම්බන්ධ ප්‍රධාන ඉංග්‍රීසි මාධ්‍ය තොරතුරු ජාලය ද විය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර