තුර්කියේ විපක්‍ෂයට හිතවත් මාධ්‍ය වටලයි

Image copyright

තුර්කියේ රූපවාහිනී මාධ්‍ය ජාලයක සහ පුවත්පතක සේවකයන් විස්සකට අධික පිරිසක් පොලිස් අත්අඩංගුවට පත් වෙයි.

මෙම මාධ්‍ය ආයතනය තුර්කියේ විරුද්ධ පක්ෂයට හිතවත්කම් දැක්වූවක් වන අතර එහි පුවත්පත එරට වැඩිම අලෙවියක් ඇති පුවත්පතකි.

තුර්කියේ බලය අල්ලා ගැනීම සඳහා සන්නද්ධ ත්‍රස්තවාදී කණ්ඩායමක් බිහි කරමින් සිටින බවට සැක පිට මොවුන් අත්අඩංගුවට ගත් බව බලධාරීහු පවසති.

ජනාධිපති

මෙය ආණ්ඩුව විසින් ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව කරන ලද කුමන්ත්‍රණයක් බවයි විරුද්ධ පක්ෂය කියා සිටියේ.

මෙම වැටලීම සිදු කර ඇත්තේ තුර්කි ජනාධිපතිවරයාට දූෂණ චෝදනා එල්ලවී තිබියදීයි.

නමුත් තුර්කි ජනාධිපතිවරයා කියා සිටින්නේ තමා බලයෙන් පෙරලා දැමීම සඳහා කුමන්ත්‍රණයක් පවතින බවයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර