ඉන්දියාවේ ආගම් හැරවීමේ උත්සවය තහනම්

Image copyright AFP

වෙනත් ආගමිකයන්ට හින්දු ආගම වැළඳ ගැනීමට අවස්ථාව සලසන උත්සවය පැවැත්වීමට ඉඩ නොදෙන බව ඉන්දීය පොලිසිය පවසයි.

මතභේදයට තුඩු දී ඇති උත්සවය මේ මස අග උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ පැවැත්වීමට නියමිතව තිබිණි.

ජ්‍යෙෂ්ඨ ප්‍රාන්ත පොලිස් නිලධාරියෙක් කියා සිටියේ උත්සවය සංවිධානය කළ පුද්ගලයන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගනු ඇති බවයි.

සිය කැමැත්තෙන් වෙනත් ආගමක් වැළඳ ගැනීම නීත්‍යනුකූල නමුත් ආහාර ලබා දෙන බවට පොරොන්දු වී අග්‍රා නුවර වෙසෙන දිළිඳු මුස්ලිම් පවුල් පනස් හතක් මුළා කොට හින්දු ආගමට හරවා ගෙන ඇති බවට හින්දු දැඩි මතධාරීන්ට චෝදනා එල්ල වේ.

උත්සව සංවිධායකයෝ එම චෝදනා ප්‍රතික්ෂේප කරති.