ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

සිඩ්නි තුවක්කුකරුට වෙඩි ප්‍රහාරයක්

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගර මධ්‍යයේ පිහිටි ආපන ශාලාවට පොලිසිය කඩා වැදී කිහිප දෙනකු ප්‍රාණ ඇපයට ගෙන සිටි තුවක්කුකරුට ප්‍රහාරයක් එල්ල කරයි.

ආපන ශාලාවට පොලිසිය කඩා වැදීම සජීවී ලෙසින් රූපවාහිනියෙන් ප්‍රදර්ශනය කෙරුණු අතර එක්වර විශාල පිපිරීමක් ඇසීමෙන් පසු ප්‍රාණ ඇපකරුවෝ ආපන ශාලාවෙන් පිටතට දිව යනු දිස් විය.

ඒ සමග තුවක්කුකරු සහ පොලිසිය අතර දීර්ඝ වෙඩි හුවමාරුවක් හට ගෙන තිබේ.

අනතුරු ඇඟවීමේ නලා හඬ මැද තුවාලකරුවන් පිටතට ගෙන යන ආකාරයද දැක ගැනීමට හැකි විය.

හතළිස්නම හැවිරිදි ඉරාන සරණාගතයෙක් වන තුවක්කුකරු මීට ඉහතදී සිදු කරන ලද ප්‍රචණ්ඩ ක්‍රියා ගණනාවකට වරදකරු වී ඇති අතර ඔහු ඇප මත නිදහස් වී සිටි බවයි පොලිසිය සඳහන් කළේ.

ගැටුමේදී කිහිප දෙනකුට තුවාල සිදු වූ නමුත් තුවක්කුකරුට සිදු වූයේ කුමක්ද යන්න තවමත් පැහැදිලි නොමැත.