ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

තාලිබාන් ප්‍රහාරයකින් පාසැල් සිසුන් මරා දැමෙයි

පකිස්ථානයේ පෙශාවාර් නගරයේ පාසලකට තාලිබාන් කැරලිකරුවන් එල්ල කළ ප්‍රහාරයකින් සිසුන් එකසිය තිස් දෙදෙනෙකු සහ කාර්‍ය මණ්ඩලයේ නවදෙනෙකු මරා දමා තිබේ.

හමුදා ඇඳුමින් සැරසුණු කැරලිකරුවන් හය දෙනෙකු පාසලට ඇතුළු වීමෙන් අනතුරුව වෙඩි හඬ සහ බෝම්බ පුපුරණ හඬ ඇසෙන්නට පටන් ගත් බවයි වාර්තා වන්නේ.

මෙම ප්‍රහාරයට ලක් වී ඇත්තේ පකිස්තානු හමුදාව විසින් පවත්වා ගෙන යනු ලබන පාසැලකි.

ප්‍රහාරය අතරතුර මෙම පාසල හමුදා භටයන් විසින් වටලනු ලැබ ඇති අතර පැය කිහිපයකට පසු ප්‍රහාරකයන් හය දෙනාම මරා දමා පාසැල මුදවා ගෙන තිබේ.

තාලිබාන් කැරැල්ලට එරෙහිව පකිස්තානු හමුදාව දියත් කර ඇති මෙහෙයුම්වලට ප්‍රතිචාර වශයෙන් මෙම ප්‍රහාරය එල්ල කළ බව තලිබාන් ප්‍රකාශකයෙක් නිවේදනය කළේය.

පකිස්තානයේ උතුරු වසිරිස්තාන ප්‍රදේශයේ පසුගිය දිනවල සිදු කර ඇති හමුදා මෙහෙයුම් නිසා තාලිබාන් කැරලිකරුවන් සිය ගණනක් මරණයට පත් වී ඇති බව විශ්වාස කෙරේ.