පකිස්ථානයේ දින තුනක ශෝක කාලයක්

Image copyright AFP
Image caption මේ ප්‍රහාරයෙන් සිසුන් එකසිය තිස් දෙදෙනෙකු සහ කාර්‍ය මණ්ඩලයේ නවදෙනෙකු ඝාතනයට ලක් විය

පාකිස්ථානයේ පෙශාවර් නගරයේ පාසැලක් තුළ ඝාතනයට ලක්වූ සිසුන්ට ගෞරව වශයෙන් පාකිස්ථාන් අගමැති නවාස් ෂරීෆ් විසින් දින තුනක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කරනු ලැබ තිබේ.

පාකිස්ථාන් හමුදාව විසින් පවත්වා ගෙන යනු ලබන පාසැලකට තාලිබාන් කැරලිකරුවන් විසින් එල්ල කරනු ලැබූ ප්‍රහාරයකින් සිසුන් එකසිය තිස් දෙදෙනෙකු සහ කාර්‍ය මණ්ඩලයේ නවදෙනෙකු ඝාතනයට ලක් විය.

අගමැති නවාස් ෂරීෆ් සියලු දේශපාලන පක්ෂ සමඟ සාකච්ජා කළේ මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් කෙසේ කටයුතු කළ යුතුද යන්න පිලිබඳව තීරණයක් ගැනීම සඳහායි.

මිය ගිය සිසුන්ගේ අවමංගල්‍ය කටයුතු අද සිදු කෙරෙනු අතර ඔවුන් වෙනුවෙන් යාඥා මෙහෙයන්ද පවත්වනු ලැබුණි.

මේ ඝාතන සිද්ධියත් සමඟ මරණ දඬුවම පිළිබඳ පවත්නා නීතීයේ වෙනසක් ඇති කිරීමටද පාක්සිථාන් අගමැති නවාස් ෂරිෆ් විසින් පියවර ගනු ලැබිණ.

ඒ අනුව ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් වරදකරුවන් වන පුද්ගලයන්ට මරණීය දණ්ඩනය පැමිණවීමට දැන් හැකියාව ලැබී තිබේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර