ඕස්ට්‍රේලියාවේ ළමා ඝාතනයක්

Image copyright Getty Images
Image caption අසල්වැසියන් මල් රැගෙන

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ නිවසක් තුල මරා දමා තිබුණ ළමුන් අට දෙනකුගේ සිරුරු සොයා ගත් බව ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වෙයි.

එම මළ සිරුරු වයස අවුරුදු එක හමාරේ පටන් අවුරුදු පහළොව අතර විවිධ වයස් කාණ්ඩ වලට අයත් වන බවයි එම වාර්තා මගින් පැවසෙන්නේ.

Cairns නගරයේ නිවසක බරපතළ තුවාල සහිත කාන්තාවක් සිටින බවක් වාර්තා වීමෙන් අනතුරුවයි පොලිසිය නිවසට ඇතුල් වී තිබෙන්නේ.

මරා දමනු ලැබ ඇති ළමුන්ගෙන් එක් ළමයකු හැර සෙසු දරුවන්ගේ මව එම කාන්තාව වන අතර ඇය පරීක්ෂණ වලට සහයෝගය දෙන බව පොලිසිය පවසයි.

අපරාධය සම්බන්ධයෙන් පොලිසිය වෙනත් කිසිවකු සොයා නොයන බවත් වාර්තා වෙයි.

මේ අපරාධය සම්බන්ධයෙන් මුලින් ලද වාර්තා වලින් ප්‍රකාශ වුනේ ඊට ගොදුරුවූවන් සියලු දෙනාට පිහියකින් පහර දී ඇති බවයි.

එහෙත් ඔවුන්ගෙන් කීප දෙනකු හුස්ම හිර කොට මරා දමා ඇති බවයි තහවුරු නොකළ වාර්තා මගින් පැවසෙන්නේ.