යුක්රේනය සිරකරුවන් හුවමාරුවක

Image copyright AFP
Image caption යුක්රේන හමුදා සෙබළුන් එකසිය හතලිස් දෙනෙකු නිදහස් කෙරුණු බවයි පැවසෙන්නේ

රුසියානු හිතවාදී සන්නද්ධ කරුවන් සමග හුවමාරුවක ප්‍රතිපලයක් ලෙස නිදහස් වී පැමිණි රජයේ හමුදා සොල්දාදුවන් යුක්රේන ජනාධිපති පෙට්රෝ පොරොෂෙන්කෝ ගේ උණුසුම් පිළිගැනීමට ලක්වුණි.

මාස දහයකට පෙර හටගත් ගැටුම් වලින් පසු සිදුකෙරුණු විශාලතම සිරකරුවන් හුවමාරු කර ගැනීම මෙය බවයි පැවසෙන්නේ.

සිකුරාදා යුක්රේන හමුදා සෙබළුන් එකසිය හතලිස් දෙනෙකු නිදහස් කෙරුණේ රුසියානු හිතවාදී කැරලිකරුවන් දෙසිය විසි දෙනෙකු නිදහස් කිරීමට හිලව් වශයෙන්.

එලෙස රුසියානු හිතවාදී කැරලිකරුවන් වෙතින් නිදහස ලැබූ යුක්රේන සොල්දාදුවෙක් වන මනුඑව් ගෙනාදී ඉතිරි සහෝදර සෙබළුන් නිදහස් කර ගැනීම පිලිබඳ බලාපොරොත්තු පළකළේය.

“ජනාධිපතිතුමා අපිව බලන්නට ආපු එක හරිම සතුටුදායක දෙයක්. මම බොහොම ස්තුතිවන්ත වෙනව එතුමාට අපිව නිදහස් කරගන්න ගත්ත උත්සාහය පිළිබඳව. ඒ වගේම අපේ අනෙක් සහෝදර සොල්දාදුවන් එකොලොස් දෙනා හැකි ඉක්මනින් නිදහස් කරගන්න ලැබෙයි කියල අපි බලාපොරොත්තු වෙනව” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර