තවත් ගුවන් යානයක් අතුරුදහන්

Image copyright REUTERS

ඉන්දුනීසියාවේ සිට සිංගප්පූරුව බලා පියාසර කරමින් සිටිය දී අතුරුදහන් වූ ‘එයාඒශියා’ ගුවන් සමාගමට අයත් යානය සොයා මෙහෙයුම් ආරම්භ වෙයි.

මගීන් එකසිය හැට දෙදෙනෙකු සමඟ මෙම ගුවන් යානය අතුරුදහන් වූයේ අද (28 වැනිදා) උදෑසනයි.

මගීන්ගෙන් වැඩි පිරිස ඉන්දුනීසියානු ජාතිකයන් බවයි වාර්තා වන්නේ.

Image copyright AP
Image caption මගීන්ගේ ඥාතීන් ගුවන්තොටුපලට රැස් වී

යානය සෙවීමේ මෙහෙයුම්වලට අයහපත් කාලගුණය දැඩි ලෙස බාධා පමුණුවා ඇති බව ඉන්දුනීසියානු හමුදාව ප්‍රකාශ කළේය.

සුළි කුණාටු සහිත කලාපය මඟ හැරීම සඳහා ගමන් පථය වෙනස් කිරීම සඳහා ගුවන් නියමුවා අමතා ඇති නමුත් ඔහුගෙන් අනතුරක හෝඩුවාවක් ලැබී නැත.

‘එයාඒශියා’ ගුවන් සමාගමට අයත් යානයක් අතුරුදහන් වූ ප්‍රථම අවස්ථාව මෙයයි.

Image caption ගමන් පථය
Image copyright AFP
Image caption තොරතුරක් ලැබෙන තෙක් බලා සිටින ඥාතීන්