ගුවන් මගීන් ගේ මළ සිරුරු ගොඩ බිමට රැගෙන එයි

Image copyright AFP
Image caption මේ දක්වා සොයා ගෙන ඇත්තේ මළ සිරුරු හතක් පමණක් බවයි පැවසෙන්නේ

ඉන්දුනීසියානු මුහුදු තීරයේ දී අනතුරට පත් එයාර් ඒෂියා ගුවන් යානයේ ගමන් ගත් මගීන්ගේ ප්‍රථම මළ සිරුරු කිහිපය වෙරළ වෙත ගෙනැවිත් තිබේ.

මේ අතරින් මළ සිරුරු දෙකක් මගීන් එක සිය හැට දෙනෙකු රැගෙන ඉරිදා ගුවන් යානය ගමනාරම්භ කළ ප්‍රදේශයේ සිට සුරබයා දක්වා ප්‍රවාහනය කළ බවයි පැවසෙන්නේ.

තද සුළං සහිත කාලගුණ තත්වය හා ඉහළ නැගෙන මුහුදු රැළි හේතුවෙන් ගුවන් යානයේ කළු පෙට්ටිය සහ සෙසු මගීන්ගේ මළ සිරුරු සෙවීමේ මෙහෙයුම් අඩපණ වී තිබේ.

අනතුරට පත් මගීන්ගේ මළ සිරුරු හතළිහකට අසන්න ප්‍රමාණයක් සොයා ගත් බව මීට පෙර වාර්තා වුවද මේ දක්වා සොයා ගෙන ඇත්තේ මළ සිරුරු හතක් පමණක් වන අතර ඉන් එක් මළ සිරුරක ජීවිතාරක්ෂක කබාය ද තිබුණු බවයි පැවසෙන්නේ.

කෙසේවුවද, අයහපත් කාලගුණික තත්වය යටතේ සිදු වූ මෙම ගුවන් අනතුර සිදු වුයේ කෙසේ දැයි තවමත් හෙළි වී නැත.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර