ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා

ලැබුවා වූ 2015 වසර ඔබ සැමට සාමය සතුට සපිරි වාසනාවන්ත අලුත් අවුරුද්දක් වේවා! යන්න සංදේශයේ අප සැමගේ පැතුමයි.

ශ්‍රී ලංකාවට නව වසර උදාවීමට පැය කිහිපයකට ප්‍රථම ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, චීනය ඇතුළු රටවල් ගණනාවක ජනතාව අළුත් අවුරුද්ද උදාවීමේ ප්‍රීතිය සැමරූහ.

2022 ශීත ඔලිම්පික් උළෙලේ සත්කාරක රට බවට පත්වීමට උත්සාහ දරමින් සිටින චීනය ඔලිම්පික් ක්‍රීඩාංගණයේ විශේෂ උත්සවයක් සංවිධානය කර තිබුණේ එය සංකේතවත් කරමින්.

ඊට පැය කිහිපයකට පෙරාතුව සිඩ්නි වරායේ වෙරළට රැස්වූ දස ලක්ෂයකට අධික ඕස්ට්‍රේලියානුවාසීහු මල් වෙඩි දර්ශන නරඹමින් උත්කර්ශවත් ලෙසින් නව වසරේ උදාව සැමරූහ.