ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

නව වසර ලබද්දී ගුවනේ පිපුණු මල්

නව වසර උදා වෙද්දී එක්සත් රාජධානියේ පැවැත්වෙන මල් වෙඩි සංදර්ශන නැරඹීම සඳහා දහස් ගණන් ජනතාව විවිධ ස්ථානවලට රොක් වී සිටියහ.

ලන්ඩන් නුවර පැවැත්වුණු මල් වෙඩි සංදර්ශනය නැරඹීම සඳහා ලක්ෂයකට අධික පිරිසක් තේම්ස් ගං ඉවුරට පැමිණ සිටියෝය.

එඩින්බරා සහ ස්කොට්ලන්තයේද විශාල පිරිසක් මල් වෙඩි සංදර්ශන නැරඹීම සඳහා මධ්‍යම රාත්‍රියේ වීදි බැස සිටිනු දක්නට ලැබුණි.

නිව්යෝක් සහ රියෝ ද ජනීරෝ නුවර ජනතාව නව වසර උදාව සමරන ආකාරය ද ඉහත වීඩියෝ පටයෙන් ඔබට නැරඹිය හැකිය.