ළමා දූෂක පොලිස් භටයන්ට රැකියා නැහැ

Image copyright EPA

පොලිස් ස්ථානයක් තුළ දී දාහතර හැවිරිදි දැරියක දූෂණය කරනු ලැබීම සම්බන්ධයෙන් චෝදනා ලද පොලිස් භටයන් දෙදෙනකුගේ වැඩ තහනම් කිරීමට ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ මහා ඇමතිවරයා පියවර ගත්තේය.

දූෂණ චෝදනා එල්ල වීමෙන් අනතුරුව පළා ගොස් සිටින එම පොලිස් භටයන් දෙදෙනාට එරෙහිව විනයානුකූල පියවර ගන්නා ලෙසත් මහ ඇමති අකිලේෂ් යාදව් (Akhilesh Yadav) විසින් නියෝග කරනු ලැබ ඇත.

වැසිකිළියට යාම සඳහා බදාදා රාත්‍රියේ නිවසින් බැහැර වූ දැරිය පොලිස් භටයන් දෙදෙනා විසින් පැහැර ගනු ලැබුණ බවයි ඇයගේ මව පවසන්නේ.

එම අපරාධය වාර්තා වන්නේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ‘බඩායූ’(Badaun) නම් ගම්මානයෙනි.

මෙවැනි ස්ත්‍රී දූෂණ අපරාධ කීපයක් ම ඉන්දියාවෙන් පසුගිය කාලයේ වාර්තා වූ අතර දිල්ලි අගනුවර බස් රියක් තුල දී ශිෂ්‍යාවක් සමූහ දූෂණයකට ගොදුරු කර ගනු ලැබීම සමස්ත ඉන්දියාව පුරාම මහජන විරෝධතා ව්‍යාපාර පැතිර යාමට හේතු විය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර