බංගලාදේශ ක්‍රියාධරයන් දෙදෙනකු වෙඩි තබා මරා දමයි

Image copyright AFP

බංගලාදේශ ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ ආධාරකරුවන් අතර ඇති වූ ගැටුමකදී විපක්ෂ ක්‍රියාධරයන් දෙදෙනෙකුට වෙඩි තබා ඝාතනය කර තිබේ.

අවාමි ලීග් ආණ්ඩු පක්ෂයේ සහ ප්‍රධාන විපක්ෂය වන බංගලාදේශ ජාතික පක්ෂයේ ආධාරකරුවන් අතර ගැටුම් ඇති වී තිබෙන්නේ මතභේදයට තුඩු දී ඇති බංගලාදේශ මහ මැතිවරණය පවත්වා වසරක් ගත වීම සැමරීමත් සමගයි.

Image copyright AFP
Image caption බංගලාදේශ විපක්ෂනායිකා කලීඩා ෂියා සහ අගමැතිනී ශෙයික් හසීනා

දේශපාලන රැලි පැවැත්වීම නිල වශයෙන් තහනම් කර ඇති නමුත් තහනම නොසලකා ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ පිරිස් පෙළපාලි සංවිධානය කළහ.

බංගලාදේශ විපක්ෂ නායිකා කලීඩා ෂියාට ඩකා අගනුවර පිහිටි සිය පක්ෂ කාර්යාලයෙන් පිටතට යෑම වළක්වා ඒ අවට ආරක්ෂක භට කණ්ඩායම් යෙදවීමට බංගලාදේශ ආරක්ෂක අංශ කටයුතු කර තිබේ.