ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ඝාතනයට ලක් වූ මාධ්‍යවේදීන් අනුස්මරණය කෙරෙයි

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සහ පුරවැසි බලය එක් වී ලසන්ත වික්‍රමතුංග සහ ප්‍රගීත් එක්නැලිගොඩ ඇතුළු පසුගිය වසර කිහිපය තුළ ඝාතනයට ලක් වූ සහ අතුරුදහන් වූ මාධ්‍යවේදීන් අනුස්මරණය කරයි.

ජනවාරි අට වනදාට ප්‍රවීණ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය කර වසර හයක්.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් වී එළඹෙන ජනවාරි විසිහතර වනදාට වසර පහක් ඉක්ම යයි.

සඳුදා රාත්‍රියේ කොළඹ පැවති අනුස්මරණ පූජාව සඳහා මාධ්‍යවේදීහු රැසක් එක් වී සිටියහ.

මෙතන රැස් වෙලා ඉන්න මාධ්‍යවේදීන්ට මාධ්‍යවේදිනියන්ට තම තමන්ගේ රස්සාව කිසිම පැකිළීමකින්, අඩන්තේට්ටම් වලින් තොරව ඉදිරියට කර ගෙන යන්න ලසන්ත, ශිවරාම්, ප්‍රගීත් ඔවුන් රැකියාව කළ ආකාරයත් ඔවුන්ට ඇති වූ ප්‍රශ්නත්, අද වෙලා තියන ප්‍රශ්නත් ශක්තියක් වේවි කියලා මම ප්‍රාර්ථනාකරනවා’ යනුවෙන් මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ සොහොයුරු ලාල් වික්‍රමතුංග අදහස් දක්වමින් එහිදී කියා සිටියේය.

එම අවස්ථාවට අතුරුදහන් වූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩද සහභාගී විය.