පාකිස්ථාන යුද හමුදා අධිකරණ පිහිටුවීම සම්මතයි

පාකිස්ථාන පාර්ලිමේන්තුව ත්‍රස්තවාදී සැකකරුවන්ට එරෙහිව නඩු පැවරීම සඳහා යුද හමුදා අධිකරණ පිහිටුවීමට අදාළ නීති සම්මත කර ගනියි.

මේ අනුව ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සඳහා සදහා චෝදනා එල්ල වී ඇති පුද්ගලයන්ට අදාළ නඩු යුද අධිකරණය මගින් සිදු කිරීමට අවකාශ සැලසේ.

පකිස්ථානයේ පෙශාවර්හි පාසලකට පසුගිය සතියේ දී තාලිබාන් සංවිධානය එල්ල කළ ප්‍රහාරයකින් සිසුහු 134 ක් මිය ගියහ.

නව නීතිය සිවිල් පුරවැසියන්ට හෝ දේශපාලනඥයන්ට එරෙහිව ක්‍රියාත්මක නොකරන බව බලධාරීහු පවසති.

එම නීතිය ගෙන ඒමට පාකිස්තානයේ සියලු දේශපාලන පක්ෂ වල සහයෝගය ලැබිණ.

ඔවුන් පැවසුවේ සටන්කාමීන්ට එරෙහිව පියවර ගෙන ඔවුන් සිරගත කිරීමට සිවිල් අධිකරණ පද්ධතිය අසමත් වී ඇති බවයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර