සිරියානු වෛද්‍යවරුන්ගෙන් බටහිරට චෝදනා

Image copyright AFP

සිරියාවේ සාමාන්‍ය ජනතාවට මුහුණ දීමට සිදුව ඇති දුක්ඛිත තත්වය නොසලකා හරින බවට සිරියාවේ වෛද්‍ය සහන සංවිධාන සංගමය බටහිර රටවලට චෝදනා කරයි.

එසේ වන්නේ ඉස්ලාමීය රාජ්‍ය සටන්කාමීන් මර්දනය කිරීම කෙරෙහි ඔවුන් වැඩි අවධානයක් යොමු කොට සිටින නිසා බවයි එම සංවිධානය පවසන්නේ.

ඇමරිකාව ප්‍රධාන රටවල් විසින්, ඉස්ලාමීය රාජ්‍ය සටන්කාමීන්ගේ පාලනයේ පවතින සිරියානු ප්‍රදේශවලට බෝම්බ දැමීම ආරම්භ කල දින සිට සෑම දිනකම තිහත් හැටත් අතර පුද්ගලයන් මිය යන බව එම වෛද්‍ය සංගමය ප්‍රකාශ කරයි.

තුන් ලක්ෂ හැට දහසක් පමණ ජනතාවට සේවය කිරීමට සිටින්නේ එක වෛද්‍යවරයකු පමණක් බව ඇලෙප්පෝ (Aleppo) ප්‍රදේශයේ වෛද්‍යවරයෙක් පැවසුවේය.

කොලරාව, උණසන්නිපාතය සහ ක්ෂය රෝගය වැනි රෝගවලින් මිනිසුන් මිය යන බවත් ඔහු සඳහන් කළේය.