ප්‍රංශය භීතියට පත් කළ තුවක්කුකරුවන් මරා දමයි

Image copyright Reuters

ප්‍රංශයේ සුපිරි වෙළඳසැලක සිටි පුද්ගලයන් කිහිප දෙනෙකු ප්‍රාණ ඇපකරුවන් ලෙස ගෙන සිටි තුවක්කු කරුවන් දෙදෙනා මරා දැමූ බව ප්‍රංශ පොලිසිය පවසයි.

මරණයට පත් වූ දෙදෙනා පසුගිය බදාදා පැරිස් නුවර පිහිටි ‘චාර්ලි හෙබ්දෝ’ නම් උපහාසාත්මක සඟරාවේ කාර්යාලයට කඩා පැන දොළොස් දෙනෙකු වෙඩි තබා මරා දැමීමේ සිද්ධියට සම්බන්ධ බවයි සැක කෙරෙන්නේ.

සිය ගණනක් පොලිස් භටයන් වෙළඳ සැල වට කර සිටි අතර නැගෙනහිර පැරීසියේ වින්සේනේ පළාතෙන් ජනතාව ඉවත් කර තිබුණි.

වෙඩි හඬ

වෙඩි හඬ සහ පිපිරීම් හඬ කිහිපයක් ගොඩනැගිල්ල තුළින් ඇසුණු බවයි ප්‍රදේශවාසීන් කියා සිටියේ.

Image copyright Reuters

ප්‍රාණ ඇපකරුවන් නිරුපද්‍රිතව බේරා ගත් බව ප්‍රංශ පොලිසිය පැවසීය.

පොලිසිය සැක කරන්නේ පසුගිය බදාදා පැරිස් නුවර සඟරා කාර්යාලයට වෙඩි ප්‍රහාරය එල්ල කළ තුවක්කු කරුවන් දෙදෙනා සොයුරන් බවයි.

කළු පැහැති මුහුණු ආවරණ වලින් සැරසුණු තුවක්කු කරුවන් රයිෆල් තුවක්කු රැගෙන සිටින අයුරු ප්‍රහාරය සිදු වූ මොහොතේ පටි ගත වූ වීඩියෝවක දැක්වේ.

ප්‍රහාරයෙන් පසු තුවක්කු කරුවන් “ අපි අපේ ශාස්තෘවරයා වෙනුවෙන් පලිය ගත්තා” යනුවෙන් කෑගැසූ බවයි පොලීසිය පවසන්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර