පාකිස්තානයේ රිය අනතුරකින් පනස් හතක් මරුට

Image copyright EPA

පාකිස්තානයේ කරච්චි නුවර ආසන්නයේදී මගී බස් රථයක් සහ ඉන්ධන බවුසරයක් මුහුණට මුහුණලා ගැටීමෙන් පනස් හත් දෙනෙක් මිය යති.

මරුමුවට පත් වූ පිරිස අතර එක් පවුලක සාමාජිකයෝ නව දෙනෙක්ද වෙති.

මගී බස් රථය හා ගැටෙන අවස්ථාවේ ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ බව්සරය ප්‍රතිවිරුද්ධ මංතීරුව තුළ අධික වේගයෙන් ගමන් ගෙන ඇති බව වාර්තා වේ.

ගැටීමත් සමග මගී බස් රථය සහ ඉන්ධන බව්සරය ගිනි ගෙන තිබේ.

බස් රථයේ වහලය මත ගමන් ගත් මගීහු ඉන් පිටතට පැන ජීවිත ආරක්ෂා කර ගත්හ.

ඉන්ධන බව්සරයේ රියදුරු ප්‍රදේශය හැර පළා ගොස් ඇති බවයි පැවසෙන්නේ.