පැපුවා නිව් ගිනි දූපත්වල විරෝධතාවක්

Image copyright UGC

පැපුවා නිව් ගිනි (Papua New Guinea) දූපත්වල සංක්‍රමණිකයන් දියත් කල විරෝධතාවක් විසුරුවා හල බව ඕස්ට්‍රේලියානු අගමැති ටෝනි ඇබට් (Tony Abbott) පවසයි.

පැපුවා නිව් ගිනි (Papua New Guinea) මේනුස් දූපතේ (Manus Island) සංක්‍රමණිකයන් රඳවා සිටි මධ්‍යස්ථානයක දේශපාලන රැකවරණ පතන්නන් විසින් එම උද්ඝෝෂණය පැවැත්විණ.

ඕස්ට්‍රේලියාව බලා යාමට උත්සාහ කල සංක්‍රමණිකයන් පිරිසක් විසින්ම එම ස්ථානය වටලා ගෙන සිටි අතර ඔවුන් පලවා හැරීමට පොලීසිය ඇතුළු ආරක්ෂක අංශ එහි ඇතුල් වී තිබේ.

උපවාසය

දේශපාලන රැකවරණ පතන්නන් එම මධ්‍යස්ථානය තුළ ඉකුත් සිකුරාදා සිට උපවාසයක් ආරම්භ කොට ඇති බවත් තවමත් ඔවුන් උපවාසයේ යෙදී සිටින්නේ ද යන්න පැහැදිලි නැති බවත් බීබීසී වාර්තාකරු ජෝන් ඩොනිසන් (Jon Donnison) ප්‍රකාශ කරයි.

විරෝධතාව දියත් කළ දේශපාලන රැකවරණ පතන්නන් විසිරුවා හැරීමට එක්තරා බලයක් යෙදවීමට සිදුවූ බව සංක්‍රමණික කටයුතු බාර ඕස්ට්‍රෙලියානු ඇමති පීටර් ඩටන් (Peter Dutton) පැවසූ බව බීබීසී වාර්තාකරු පැවසුවේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර