දශක දෙකකට පසු චීනයේ ආර්ථික වර්ධනය පහතට

Image copyright AFP

වසර විස්සකට වැඩි කාලයකට පසු චීනයේ ආර්ථික වර්ධනය පහත අඩියකට ඇද වැටෙයි.

2014 වසරේදී ආර්ථික වර්ධන වේගය 7.5% දක්වා පහත වැටුණ බව රජයේ වාර්තාවල දැක්වෙයි.

වසර දහයකට වැඩි කාලයකින් පසු රජය ප්‍රකාශයට පත් කල සංඛ්‍යාවන්ට වඩා ආර්ථික වර්ධනය පහත වැටුණු පළමු වසර මෙයයි.

ආර්ථිකයේ අඩු වර්ධනයක් පවතින බවටත් ආර්ථික සංශෝධන ගෙන ඒමට සිදුවිය හැකි බවටත් චීන රජය ජනතාවට අනතුරු අඟවා තිබේ.

දශක තුනක් මුළුල්ලේ චීනයේ තිබු සියයට දහයකට වැඩි ආර්ථික වර්ධනය දෙස බැලු විට මෙය විශාල පහත වැටීමක් බවයි ව්‍යාපාර කටයුතු පිළිබඳ බීබීසී වාර්තාකාරිය කැරන් හොගාන්(Karren Hoggan) පැවසුවේ.

ඉදිරි වසර දෙක තුළ තවදුරටත් ආර්ථික වර්ධනයේ වැටීමක් දැකිය හැකි බව ආර්ථික විද්‍යාඥයන් පවසන අනාවැකි පල කරන බවයි ඇය තවදුරටත් ප්‍රකාශ කළේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර