ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

නේපාල පාර්ලිමේන්තුව තුළ ගැටුමකින් 4 කට තුවාල

පාර්ලිමේන්තුව තුළ පුටුවලින් පහර දෙමින් ආරක්ෂක නිලධාරීන් හා පොර බදමින් තම පක්ෂයේ මන්ත්‍රීවරුන් කලහකාරී ලෙස හැසිරීම පිළිබඳව නේපාලයේ මාවෝවාදී පක්ෂයේ ප්‍රධානියා සමාව අයැද තිබේ.

නව ව්‍යවස්තාවක් රැගෙන ඒමට රජය දැරූ උත්සාහය ට විරෝධය පළ කිරීමේ දී නේපාල පාර්ලිමේන්තුව තුළ ඇතිවූ කලහකාරී වාතාවරණය හේතුවෙන් ආරක්ෂක නිලධාරීන් හතර දෙනෙකුට තුවාල සිදු වූ බවයි වාර්තා වන්නේ.

නේපාල රජය පවසන්නේ යෝජිත මෙම නව ව්‍යවස්ථාව කල් ඉකුත්වීමට නියමිත බ්‍රහස්පතින්දාට පෙර සම්මත කර ගත යුතු බවයි.

එහෙත් නියමිත දිනය ඉකුත් වුවද සියලු පක්ෂවල අනුමැතිය ලැබෙන තුරු මේ පිලිබඳ සාකච්ඡා නොකඩවා කරගෙන යායුතු බවයි මාවෝවාදීන් පවසන්නේ.

මාවෝ වාදීන් ඔවුන්ගේ දශකයක කාලයක ප්‍රචණ්ඩ ක්‍රියා නතර කළ 2006 දී ආරම්භ කළ සාම ක්‍රියාවලිය මෙම නව ව්‍යවස්ථාව මගින් සම්පුර්ණ කළ යුතුව තිබේ.